Subscribe:

Pending Order

කියන්නෙ අපි හිතමු අපිට වැදගත් වැඩක් තිබිල Forex Market එකේ දවසෙම ඉන්න  වෙන්නෑ කියල අන්න ඒ වගේ වෙලාවක Pending Order  එකක් දන්න පුලුවන් බලමු එහෙනම් Pending Order එකක් දාන විදිය  කලින්  Order එකක් දාපු ක්‍රමේටම MT4 එකේ New Order කියන තැන හෝ F9 හරි ඔබන්න දැන් මේ Window එකේ  Type කියන තැනට Pending Order කියල දෙන්න Pending Order එකක් දාන අවස්ථා 4ක් තියෙනව පහල පින්තූරයේ රතුපාටින් කොටුකරල තියෙන Type කියන තැන ක්ලික් කරල බලන්න Buy Limit ,Sell Limit , Buy Stop ,Sell Stop කියල තියෙන්නෙ මේ අවස්ථා 4 තමයි හොදට අවබොධයෙන් කියවන්න  එතකොට කිසිම ගැටළුවක් ඇති නොවී පහසුවෙන්ම Pending Order දාන විදිය ඉගෙන ගන්න පුළුවන් වෙන කිසිම තැනක මම දැකල නෑ Pending Order එකක් දාන විදිය මේ තරම් පැහැදිලිව කියල දීල තියෙනව



Buy Limit
බලමු  Buy Limit එකක් දාන විදිය පහල පින්තූරය හොදට බලන්න
මේ Chart එක EUR/USD Currency එකේ Chart එකක් පින්තූරෙ තියෙන විදියට EUR/USD Currency එක තියෙන්නෙ 1.3754 දැන් අපි හිතනවා 1.3754 තව පහලට ගොස් ඔය රතුපාටින් තියෙන ඉර ගාවට ගිහින් Buy (ඉහලට යාවි) වෙවි කියල එතකොට අපිට Buy Limit එකක් දාන්න පුළුවන් Order Window එකේ Type කියන තැනට Pending Order කියල දීල Pending Order යටතේ ඇතිි  Type කියන තැනට Buy Limit කියල දීල at price කියන තැනට 1.3745 කියල දෙන්න ඇයි පහල තියෙන රතු ඉර ගාවට ඇවිත් ඉහල යාවි කියල හිත‍ාගෙනනෙ Order එක දාන්නෙ බලන්න රතු ඉර තියෙන්නෙ 1.3745 නේද stop loss එකත් 1.3745 ඉදන් pips 35 ක් පහලට තියන්න take profit එකත් සුදුසු තැනකින් තියා නිල්පාටින්  place කියල තින තැන ක්ලික් කරන්න දැන් හරි EUR/USD Currency එක 1.3745ට ආවට පස්සෙ ඉබේම order එක වැටෙනවා

Sell Limit
මේකෙ බලන්න රතු ඉර තියෙන්නෙ 1.3784 නේද එ කියන්නෙ අපි order එක දාන්න ඔනෙ 1.3754 ඉදන් 1.3784 දක්වා ඉහල ගිහින් පහල ඒවි කියල හිතාගෙන නේද Sell Limit එකක් තමයි දාන්න ඕනෙ Order Window එකේ Type කියන තැනට Pending Order කියල දීල Pending Order යටතේ ඇතිි  Type කියන තැනට Sell Limit දීල at price කියන තැනට 1.3784 දෙන්න ඇයි 1.3754 ඉදන් 1.3784 දක්වා ගිහින් පහලට ඒවි කියල හිතාගෙනනෙ order එක දාන්නෙ stop loss එකත් pips 35 දුරින් තියන්න take profit එකත් සුදුසු තැනකින් තියා නිල්පාටින්  place කියල තින තැන ක්ලික් කරන්න දැන් හරි

Buy Stop
1.3754 ඉදන් 1.3784 දක්වා ඉහලට ගිහින් තවත් ඉහලට යාවි කියල හිතෙන අවස්ථාවක Buy Stop Order එකක් දාන්න පුළුවන් order Window එකේ Type කියන තැනට Pending Order කියල දීල Pending Order යටතේ ඇතිි  Type කියන තැනට Buy Stop කියල දීල at price එක  1.3784 දෙන්න stop loss එකත් pips 35 දුරින් තියන්න take profit එකත් සුදුසු තැනකින් තියා නිල්පාටින්  place කියල තින තැන ක්ලික් කරන්න

Sell Stop
1.3754 ඉදන් 1.3747 දක්වා පහලට ඇවිත් තවත් පහලට යාවි කියල හිතෙන අවස්ථාවක Sell Stop එකක් දාන්න පුළුවන් order Window එකේ Type කියන තැනට Pending Order කියල දීල Pending Order යටතේ ඇතිි  Type කියන තැනට Sell Stop කියල දීල at price එක 1.3747 දෙන්න stop loss එකත් pips 35 දුරින් තියන්න take profit එකත් සුදුසු තැනකින් තියා නිල්පාටින්  place කියල තින තැන ක්ලික් කරන්න Pending Order ගැන හොදට පැහැදිලි ඇති කියල හිතනවා ප්‍රශ්නයක් තියෙනවනම් ඊමේල්  පනිවිඩයකින් අහන්න අපගේ ඊමේල් ලිපිනය දකුණු පස පහලින් සදහන් කර ඇත මේ එක්කම මම තවත් දෙයක් කියල දෙන්නම්

modify order

modify order කියන්නෙ ඔබ MT4 එක හරහා ගණුදිනුවක් දැම්ම කියල හිතන්න stop loss හා take profit තියල හො නොතිය දැන් ඔබ stop loss හා take profitතියල දැම්ම order  එකක්නම් ඔබට මේ දාපු අගයන් යම්කිසි වෙනසක් කිරීමට අවශ්‍යනම් එසේ වෙනස් කිරීම තමයි modify order කියන්නෙ
ඉහත පින්තූරයේ අංක 5 ඊතලන් පෙන්නල තියෙන ඔබ යොදන ලද ගණුදිනුවට අදාලව තිබෙන විස්තරය උඩට මවුස් පොයින්ටරය ගෙනගොස් right click කොට modify order යන ස්ථානයේ කිලික් කොට ඔබට අදාල අගයන් වෙනස්කර ගත හැක stop loss හා take profit නොතිය යොදන ලද ගණුදිනුවකත් එම ආකාරයෙන්ම ඔබට කැමති අගයක් දී වෙනස්කර ගත හැක