Subscribe:

MT4 එකෙන් Trade කරන්න පුරුදු වෙමු


පෙර පාඩමෙන් Demo Account එකක් හදාගන්න හැටි ඉගෙන ගත්තනේ දැන් Demo Account එකෙන් ගනුදිනු කරන්න ඉගෙන ගමු (Forex Market එක  සතියේ දින පහේ  පැය 24ම විවෘර්ථයි සෙනසුරාදා සහ ඉරිදා ගණුදිනු කල නොහැක)MT4 එකේ අයිකන් එක ඩෙස්ක්ටොප් එකේ හරි all programs වල හරි meta trader nordfx යන නමින් ඇති එය  Open කරගන්න එකේ Chart එහෙම තියෙනවනම් ඔක්කොම Close කරල දාන්න Chart කිවුවෙ ඔය MT4 එකේ මැද පොඩියට Chart හතරක් වැටිල තියෙනවනම් ඒ හැම එකකම උඩම දකුණු පැත්තෙ Close (x) ලකුන උඩ ක්ලික් කරල Close කරල දාන්න ඔන්න මම MT4 එකේ Screen Shot එකකුත් දැම්ම පැහැදිලිව බලාගන්න රතුපාටින් කොටුකරල තියෙන්නෙ අර කියපු Chart හතර තමයි



මේ Screen Shot එකේ අංක 1 ඊතලෙන් පෙන්නල තියන තැන ක්ලික් කලාම Market Watch එක වම් පැත්තෙන් පෙන්නනව ඒක දිහා හොදට බලන්න එකේ මේවගේ දෙවල් තියෙනව නේද USDCHF 0.8773/0.8776 වගේ පහලට ඔහොම ගොඩක් තියෙනව නේද මේ මොනවද ඔබට මතක ඇති මම මුල්ම පාඩමෙන් කිවුව Forex Market එකෙන් මුදල් උපයන්නනම් මුදල් ම්ලදීගෙන ඒ මුදල් අගය ඉහල ගියාම විකුනන්න ඔන කියල අන්න ඒක නිසා රටවල් දෙකක මුදල් වර්ග දෙකක් එකතු කරල හදපු මුදල් කාන්ඩ තමයි ඔය Market Watch එකේ තියෙන්නෙ ඒ කියන්නෙ මෙන්න මෙහෙමයි බලන්න Market Watch එකේ  උඩට වෙන්න ඇති AUD/USD කියන මුදල් කාන්ඩය  AUD කියන්නෙ ඕස්ට්‍රෙලියාව USD කියන්නෙ ඇමරිකාව ඔන්න ඔය වගේ තමයි අනිත් මුදල් කාන්ඩත් විවිද රටවල්වල මුදල් කාන්ඩ දෙකක් එකතු කරල තමයි හදල තියෙන්නෙ

අපි බලමු AUD/USD මුදල් කාන්ඩයේ Chart එකක් Open කරල Market Watch එකේ AUD/USD කියල තියෙන තැන Right Click කරල ටිකක් පහලට වෙන්න ඇති Chart Window කියල තැනක් එතන ක්ලික් කලාම Chart එක Open වෙයි දැන් ඔය Chart එකේ දකුනු පැත්තෙ උඩම Maximize ලකුන උඩ ක්ලික් කරල ලොකු කර ගන්න අපිට ඔන විදියකට මේ Chart එක වෙනස් කරගන්න පුළුවන් ඉහලින් දාපු Screen Shot එකේ අංක 2 ඊතලෙන් පෙන්නල තියෙන තැනින් Chart එක විවිද කාල පරාස වලට මාරු කරගන්න පුළුවන් ඒකෙ විනාඩි 1 ,5 ,15 පැය 1 පැය 4 සති මාස ඔය විදියට ඕනැම කාල පරාසයකට මාරු කරගන්න පුළුවන් අදුනික අයටනම් දුදුසුම පැය 1 කාල පරාසය තමයි දැනට විනාඩි 15 කාල පරාසයට හදාගන්න අංක 3න් පෙන්නල තියෙන තැන ක්ලික් කරල Chart එක අවශ්‍ය ප්‍රමානයට ලොකුකර ගන්න අංක 4 තැන ක්ලික් කරල Chart එක Candlesticks ක්‍රමයට හදා ගන්න එක පහසුයි ඔය Candlesticks වල පාට එහෙමත් වෙනස් කරගන්න පුළුවන් F8 ඔබල දැනට සම්මත සැකසුමේ තියෙන්න අරින්න ඔබට අවශ්‍යනම් පසුව වෙනසකරගන්න දැන් ඔබ හොදට බලන්න ඔය Chart එක දිහා පේනව නේද Candlesticks උඩට පහලට ගිහිල්ල තියෙනවා Forex Market එකේ විවිද අවස්තාවල AUD/USD මුදල් කාන්ඩය ඉහලට පහලට ගියපු අවස්ථා තමයි ඒ තියෙන්නෙ අපි විනාඩි 15 Time Frame එකට Chart එක හදපු නිසා ඔය Candlestick එකකින් විනාඩි 15ක් පෙන්නනව AUD/USD මුදල් කාන්ඩයෙන් අපි ගනුදිනුවක් දාමු ගනුදිනුවක් දානවට කියන්නෙ Trade එකක් Open කරනව කියල කොහොමද මේ AUD/USD මුදල් කාන්ඩයෙන් Trade එකක් Open කලාම අපිට ලාබ ලැබෙන්නෙ පහල පින්තූරය බලන්න එතකොට ඔබට අදහසක් ගන්න පුළුවන් වෙයි
Trade එකක් Open  කරමු

ඉහල පින්තූරෙ තියෙන විදියට Forex Market එකේ වෙන්නෙ මොකක්ද කියල ඔබට තේරෙන්න ඇති AUD පහල යනකොට USD ඉහල යනව AUD ඉහල යනකොට USD පහල යනව අනිත් මුදල් කාන්ඩ වලටත් මේ දේමයි සිද්ද වෙන්නෙ ඒක නිසා අපිට Market එක ඉහල ගියත් පහල ගියත් ලාබ ගන්න පුළුවන් ඒ කොහොමද කියල අපි Trade එකක් Open කරලම බලමු Trade එකක් Open කරන්න ක්‍රම 4ක් තියෙනව දැනට ක්‍රම දෙකක් කියල දෙන්නම් MT4 එකේ උඩම New Order කියන තැන ක්ලික් කරන්න F9 ඔබලත් පුළුවන් ඔය දෙකෙන් එකක් කලාම මේ පහල තීන වගේ එකක් එවි
ඔකේ Symbol කියන තැනට මුදල් කාන්ඩය දෙන්න ඔන ඔබ AUDUSD Chart උඩ ක්ලික් කරල F9 එබුවොත්   Symbol කියන තැන  AUDUSD සටහන් වෙලාමයි Open වෙන්න‍ වෙනස් කරන්න අවශ්‍ය නෑ Volume කියන තැනට 0.10 ලෙස දෙන්න ඇත්ත සල්ලි දාල Real Account වලට ගියාම මේක 0.01 දක්වා අඩු පරාසයකින් දාන්න පුළුවන්  Stop Loss කියන්නෙ දැන් අපි හිතමු AUDUSD 0.9271 තියෙනව කියල අපි Market එක ඉහල යයි කියල හිතාගෙන Trade එකක් Open කලොත් වැරදිලාවත් Market එක පහලට ගියොත් අපිට පාඩුයිනෙ ඒක අවම කරන්න තමයි මේ Stop Loss දාන්නෙ අපි හිතමු AUDUSD 0.9271 ඉදන් 0.9210 දක්වා පහල ගියා කියල එතකොට අපිට පාඩුයිනෙ එක නිසා අපි Trade එක Open කරනකොට Stop Loss එක 0.9241 කියල දීල තියනව එතකොට අපි පරිගනකය අසල නොසිටියත් Off කරල තිබුනත් පාඩුව 0.9210 දක්වා නොයා 0.9241 න් ඉබෙම Close වි පාඩුව අවම කරනවා පැහැදිලි ඇති කියල මම හිතනවා Take Profit කියන්නෙ අපි අපෙක්ෂා කරන ලාබ ප්‍රමානය අපිට pips 10 ලාබයක් අපෙක්ෂා කරනවනම් Take Profit එක 0.9281 ලෙස දෙන්න පුළුවන් Pips 1 කියන්නෙ 0.9271 ඉදන් 0.9272 Pips 1යි 0.9271 ඉදන් 0.9281 Pips 10යි මේ Stop Loss Take Profit යෙදුවාම පරිගනකය ගාවටම වෙලා ඉන්න අවශ්‍ය නෑ Off  කරල තිබුනත් Order එක වැඩ කරනවා යෙදු Take Profit එකෙන් හෝ Stop Loss එකෙන් Close වෙලා යනව Comment කියන තැනට මුකුත් අවශ්‍ය නෑ Type කියන තැනට  Instant Execution කියන එක දෙන්න දැන් අපි Market එක ඉහල යයි කියල හිතලනේ ඒක නිසා ඔය යට  නිල්පාටින් Buy කියල තියෙන තැන ක්ලික් කලාම  හරි

Market එක පහලට යනව කියල හිතල Trade එකක් Open කරමු උඩ කියල දුන්න එකේ අනිත් පැත්ත තමයි මේක Symbol කියන තැනට  ඉහත කියල දුන්න විදියට තමයි දෙන්න ඕන Volume එක ඉහත කියල දුන්න විදියට දෙන්න  Stop Loss එක 0.9301 කියල දෙන්න අපි Market එක පහලට යනව කියල හිතලනේ  Trade එක Open කරන්නෙ අපිට පාඩු වෙන්නෙ ඉහලට ගියොත්නේ Take Profit එක 0.9261 කියල දෙන්න Market එක පහලට එනකොටනෙ අපිට ලාබ  Comment මුකුත් අවශ්‍ය නෑ Type කියන තැනට Instant Execution කියල දෙන්න දැන් ඔය යට රතුපාටින් Sell කියන තැන ක්ලික් කරන්න Stop Loss තියනකොට Pips 30 හෝ  35 දුරින් තියන්න


Trade එකක් Close කරන්න පුරුදු වෙමු

Stop Loss Take Profit නොතිය උනත් අපිට Trade Open කරන්න පුළුවන් එතකොට ඉතින් දාපු Trade එක ගැන නිතරම හොයල බලන්න වෙනව ලාබද පාඩුද කියල හරි අපි බලමු Stop Loss Take Profit නොතිය දාපු Trade එකක් Close කරන හැටි පොස්ට් එකේ මම මුලින්ම  MT4 එකේ Screen Shot එකක් දැම්මනේ එකෙ අංක 5න් පෙන්නන තැන තමයි ඔබ දාන Order එක පෙන්නන්නෙ පෙන්නන් නැතිනම් MT4 එකේ උඩම View කියන තැන ක්ලික් කරල පහලට වෙන්න Terminal කියල තැනක් ඇති එතන ක්ලික් කරන්න දැන් අර අංක පහෙන් පහෙන් පෙන්නපු  ඔබ දාපු Order එකෙ දකුණු පැත්තෙ කොනේම  pips එකක් වෙනස් වීමේදී ඔබට සිදුවන ලාබය හෝ පාඩුව පෙන්නනව ඔබ දාපු Trade එකේ Volume එක 0.10 දාපු නිසා ඔබට pips එකක් වෙනස් වීමේදී සිදුුවන ලාබය හෝ පාඩුව 1USD වෙනව Volume එක 0.20 දැම්මොත් ඔබට pips එකක් වෙනස් වීමේදී සිදුුවන ලාබය හෝ පාඩුව 2USD වෙනව Real Account  වලට ගියාම Volume එක 0.01න්  Trade කරන නිසා ඔබට pips එකක් වෙනස් වීමේදී සිදුුවන ලාබය හෝ පාඩුව 0.10USD වෙනව රුපියල් වලින්නම් රු 13ක් විතර  pips10ක් ලාබ ගත්තොත් ලාබය රුපියල් වලින් රු130 පමන වෙනව දවසට pips50ක් ලාබ ගත්ත කියන්නෙ ගොඩ තමයි  හරි දැන් අපි Trade එක Close කරමු අර MT4 එකේ Screen Shot එකේ අංක 5න් පෙන්නන ඔබ දාපු Trade එකේ දකුණු පැත්තෙ කොනේම  x  ලකුනකු ඇති එතන ක්ලික් කරන්න එතකොට මේ වගේ එකක් ඒවි
ඔකේ කහපාටින් තියෙන තැන ක්ලික් කරන්න ක්ලික් කලාට පස්සෙ මේ පහල තියෙන වගේ එකක් ඒවි

ok කියන තැන ක්ලික් කරන්න ඔන්න ඔහොම තමයි Order එකක් Close කරන්නෙ මේ වගෙ වෙනත් මුදල් කාන්ඩ වර්ග වලිනුත්  Order දාන්න Close කරන්න හොදට පුරුදු වෙන්න Real Account වලට ගියාට පස්සෙනම් සුළු මුදලක් ආයෝජනය කරල forex market එකේ ගණුදිනු කිරීම ආරම්බ කරනවනම් මුදල් කාන්ඩ වර්ග එකක් හෝ දෙකකට වඩා වැඩියෙන් භාවිතා කරන්න හොද නෑ

 pips ගැන තවදුරටත්

පාඩම සමහර අයට තේරුම් ගන්න ටිකක් අමාරු ඇති එම නිසා මේකත් හොදින් අද්‍යනය කරන්න
මේ තියෙන්නෙ AUD/USD currency pair එකේ චාර්ට් එකක් pips කියන්නෙ මොකක්ද කියල මේ පින්තූරය බලල හොදට තේරුම් ගන්න පුළුවන් ඔය මැද අළුපාටින් රේඛාවක් තියෙනව නේද හිතන්න දැන් මාර්කෙට් එක තියෙන්නෙ ඔන්න ඔය රේඛාව තියෙන තැන කියල ඒ කියන්නෙ 0.7930 තියෙන්නෙ උඩ පැත්තට කොල පාට රේඛා 3ක් තියෙනවනෙ ඒ රේඛා වලින් මැද අළුපාට රේඛාවෙ ඉදන් පලවැනි කොලපාට රේඛාවට pips 10 දෙවැනි එකට pips 20 තුන්වැනි එකට pips 30 ඔය වගේම පහලටත් රතුපාට රේඛා තුනක් තියෙනව නේද ඒවයිනුත් මැද අළුපාට රේඛාවෙ ඉදන් පලවැනි රතුපා රේඛාවට pips 10 දෙවැනි එකට pips 20 තුන්වැනි එකටpips 30

තුන්වැනි කොලපාට රේඛව  0.7960    30 pips
දෙවැනි කොලපාට රේඛව     0.7950    20 pips
පලවැනි කොලපාට රේඛව   0.7940     10 pips
අළුපාට රේඛව                     0.7930      0 pips
පලවැනි රතුපාට රේඛව        0.7920    10 pips
දෙවැනි රතුපාට රේඛාව        0.7910     20 pips
තුන්වැනි රතුපාට රේඛව       0.7900     30 pips

Stop loss හා Take profit ගැන තවදුරටත්

buy order








ඉහත පින්තූරයේ ආකාරයට ඔබ buy order එකක් යොදනවනම් order එක යොදන්නෙ 0.7905 කියල හිතන්න අපි මේ order එකේ stop loss අගය යෙදිය යුතු වන්නෙ පහලින් ඒ කියන්නෙ ඔය රතුපාට රේඛාවෙන් පෙන්නල තියන්නෙ අපි pips 35 දුරින් stop loss අගය යොදන නිසා  0.7870 යන ස්ථානයෙන් තැබිය යුතුයි

take profit අගය තැබිය යුත්තේ අපි order  එක් දැමූ ස්ථානයෙන් ඉහලින් එ් කියන්නෙ ඔය කහපාට රේඛාවෙන් පෙන්නල තියෙන ස්ථානයෙන් pips 40 දුරින් තියන නිසා 0.7945  තැබිය යුතුයි

sell order






අපි order එක යොදන්නෙ ඔය කොලපාට රේඛාවෙන් පෙන්නල තියෙන 0.7943 කියල හිතන්න අපි stop loss එක යොදන්නෙ pips 35 දුරින් නිසා රතුපාට රේඛාවෙන් පෙන්නල තියෙන 0.7978 දැමිය යුතුයි මොකද මේ order එක sell order එකක් නිසා oreder එක යොදපු ස්ථානයෙන් ඉහලින් තමයි top loss අගය යෙදිය යුත් වන්නෙ 

take profit අගය pips 40ක් දුරින් යොදන නිසා කහපාට රේඛවෙන් පෙන්නල තියෙන 0.7903න් take profit අගය දැමිය හැකියි