Subscribe:

මුදල් තැන්පත් කිරීම සහ උපයන මුදල් ලබාගැනීම

අපි ඉහත පාඩම් වලින් forex market එකේ ගණුදිනු කරන්න හොදින් ඉගෙන ගත්තා සහ අන්තර්ජාල බැංකු ගිණුමක් සාදා ගෙන එයට මුදල් තැන්පත් කරන්න ඉගෙන ගත්තා ඔබ හොදින් පුහුණු වුවානම් දැන් ඇත්ත මුදල් යොදවා ගණුදිනු කරමු

Forex ගිණුමට මුදල් තැන්පත් කරන ආකාරය

මුලින්ම nord ගිණුමට ඇතුලු වන්න දන්නවනෙ කොහොමද කියල කලින් පාඩම් හොදින් කියෙවුවානම් දන්නව ඇති නැතිනම් නැවත කියවල මෙතනට එන්න ගිණුමට ඇතුළු වුවායින් පසුව බලන්න මේ වගේ තැනක් තියෙනවද කියල




තියෙනවනම් ඔය funds deposit කියල ඊතලෙන් පෙන්වල තියෙන තැන කලික් කරන්න ඊට පස්සෙ එන පිටුවෙ මේ වගේ තැනක් තියෙනවද බලන්න



අපි නෙටලර් ගිණුම හරහා මුදල් තැන්පත් කරන නිසා ඔය ඊතලෙන් පෙන්වල තියෙන තැන ක්ලික් කරන්න
ඔබ නෙටලර් ගිණුමට මුලින්ම මුදල් තැන්පත් කරගෙන සිටිය යුතුයි හරි ක්ලික් කලාට පස්සේ මේ පහල තියෙන වගේ එකක් ඒවි
1 ඔබගේ නෙටලර් ගිණුමේ අංක 12කින් යුත් ගිණුම් අංකය ලබාදෙන්න නැතිනම් නෙටලර් ගිණුමේ ඊමේල් ලිපිනය ලබාදෙන්න

2 ඔබගේ නෙටලර් ගිණුමේ අංක 6කින් යුත් සිකුරිට් අංකය ලබාදෙන්න

3 ඔබ තැන්පත් කරන මුදල

execute කියන තැන ක්ලික් කරන්න ෂනිකව මුදල් ඔබගේ ගිණුමට බැරවනව මුලින්ම ඔබගේ MT4 මෘදෘකාංගයට තමයි මුදල් බැරවන්නෙ එම නිසා ඒ මොහොතේ පටන්ම ඔබට ගණුදිනු කිරිම ආරම්භ කල හැකියි

MT4 එකට මුදල් තැන්පත් කිරීම සහ එහි ඇති මුදල් ලබාගැනීම

අපිට MT4 එක තුල ඇති මුදල් නැවත ලබාගැනීමට අවශ්‍යවුව හොත් එය කරගන්නා ආකාරය බලමු nord වෙබ් අඩවියට පිවිස ගිණුමට ඇතුළුවී බලන්න මේ පහල තියෙන වගේ තැනක් තියෙනවද කියල
ඔබට පෙනෙනව ඇති Account balance කියල තැනක් තියෙනව එතන තියෙන්නෙ ඔබගේ nord ගිණුමේ තිබෙන මුදල් ප්‍රමානයයි ඔබට මුදල් ගැනීමට අවශ්‍යනම් මෙන්න මෙතන තියෙන මුදල් ප්‍රමානය පමනයි ගත හැක්කේ ඔබට පෙනෙනව ඇති MT4 balance කියල තැනක් තියෙනව එතනින් පෙන්වන්නෙ ඔබගේ MT4 එක තුල ඇති මුදල් ප්‍රමානයයි ඔබට මෙම  MT4 එක තුල ඇති මුදල් Account balance එකට ලබාගැනීමට අඅවශ්‍යනම් ඔය ඊතලෙන් පෙන්නල තියෙන තැන ක්ලික් කරන්න ඊට පස්සේ මේ පහල තියෙන වගේ එකක් ඒවි


MT4 එක තුල ඇති මුදල් Account balance එකට ලබාගැනීමට අඅවශ්‍යනම් අංක 2 යනුවෙන් සදහන් පැත්තෙ amont කියන තැනට ඔබට ලබාගැනීමට අවශ්‍ය මුදල සටහන් කරන්න flatform කියන තැනට metetrader4 කියන එක තොරාදෙන්න ඉන්පසුව withdraw funds කියන එක ක්ලික් කරන්න පැය දෙකකින් වගේ ඔබගේ Account balance එකට මුදල් බැරවනව

MT4 එකට Account balance එකේ ඇති මුදල් තැන්පත් කිරරීමට අවශ්‍යනම් අංක 1 යනුවෙන් සදහන් පැත්තෙ amont කියන තැනට ඔබට තැන්පත් අවශ්‍ය මුදල සටහන් කරන්න flatform කියන තැනට metetrader4 කියන එක තොරාදෙන්න ඉන්පසුව funds deposit  කියන තැන ක්ලික් කරන්න ෂනිකව MT4 එකට මුදල් බැරවනව

Account balance එකේ ඇති මුදල් නෙටලර් ගිණුමට ලබාගනිමු 

nord ගිණුමට ඇතුළු වී බලන්න මේ වගේ තැනක් තියෙනවද කියල



ඔය ඊතලෙන් පෙන්වල තියෙන withdrawal කියන තැන ක්ලික් කරන්න ඉන් පසුව මේ වගේ පිටුවක් ඒවි



ඔබ නෙටලර් ගිණුමට මුදල් ලබාගන්නා නිසා ඔය ඊතලෙන් පෙන්වල තියෙන නෙටලර් කියන තැන ක්ලික් කරන්න පහත තියෙන වගේ එකක් ආවද

මේකෙ amount කියන තැනට ඔබ ලබාගන්නා මුදල සදහන් කරන්න මුදල් වර්ගය USD ලෙස දෙන්න ඊමේල් ලිපිනයට ඔබ නෙටලර් ගිණුම සෑදිමට භාවිතා කල නෙටලර් ගිණුමේ ඊමේල් ලිපිනය ලබාදෙන්න
දැන් continue කියන තැන ක්ලික් කරන්න ඉන්පසුව ඔබගෙන් පින් අංකය විමසාවි ඔබ Nord ගිණුම සෑදුවයින් පසුව ලැබුන පින් අංකය නිවැරදිව ඇතුලත් කරන්න පැය දෙකකින් වගේ ඔබගේ නෙටලර් ගිණුමට මුදල් බැරවනව ඉන්පසුව ඔබට නෛටලර් ගිණුමෙන් ඕනෑම වෙලාවක මුදල් ගත හැකියි